බොරතෙල් ගෙන්වීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිකමින් සපුගසුකන්ද හෙට (20) සිට යළි වැසේ

March 19, 2022

බොරතෙල් තොග අවසන් වෙමින් තිබෙන බවත්, මේ මස 20වැනිදා සිට නැවත වරක් පිරිපහදුව වසා දැමීමට සිදුවන බවත් තෙල්, වරාය, විදුලි සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

බොරතෙල් නොමැති වීම නිසා මේ වසරේ ජනවාරි 08 වැනිදා සිට පෙබරවාරී 03වැනිදා දක්වා මාසයක කාලයක් පිරිපහදුව වසා දැමීමට කටයුතු කළ බවත්, පසුගිය වසරේ නොවැම්බර් 15වැනිදා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වාත් පිරිපහදුව වසා දැමීමට සිදු වූ බවත් ඔවුන් පවසා සිටියේය.

බොරතෙල් ගෙන්වීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම නිසා මේ ආකාරයට වරින් වර පිරිපහදුව වසා දැමීමට සිදුවන බව වැඩිදුරටත් පවසා සිටියි.

t

o

p