රුසියානු හමුදාව කියෙව් අගනුවර වටලයි

February 26, 2022

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු හමුදා‌වේ සන්නද්ධ රථ රැසක් කියෙව් නගරය දෙසට මේ වන විට ගමන් ආරම්භ කර ඇති බවයි.

කියෙව් අගනුවරට කිලෝමීටර් 40ක් පමණ දුරින් රුසියානු හමුදාව ස්ථානගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර යුක්‍රේන ජනාධිපති කියා සිටියේ සෙසු යුරෝපා රටවල් අභියෝගාත්මක අවස්ථාවේ තමන් තනිකර ඇති බවයි.

රුසියාවේ ආක්‍රමණය නතර කිරීම සදහා සෙසු රටවල් ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකළ බවට යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරයි.

t

o

p