ප්‍රවීණයන්ගේ යොවුන් පිලට ජය

February 21, 2022

අන්තර් ක්‍රීඩා සමාජ 19න් පහළ ‘එක්ස්පෝ ලංකා ශූරතා’ පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සමාජයේ යොවුන් පිල ගෝල් 4-1කින් වෙතින් බඩෝවිට ක්‍රීඩා සමාජය පරාජය කරයි.

සිටි ලීග් පිටියේ පැවති මේ තරගයේ පළමු භාගයේදී ගෝල් 3-0ක් ලෙස ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සමාජයේ යොවුන් පිල ඉදිරියෙන් සිටි අතර තුෂාන් තුෂ්මික 36 වැනි හා 38 වැනි මිනිත්තුවලදී ගෝල් 2ක් වාර්තා කළ අතර, 29 වැනි මිනිත්තුවේදී යොවුන් පිලට ‘ඕන් ගෝලයක්’ ප්‍රතිවාදීන්ගේ අත්වැරැදීමකින් වාර්තා විය. තරගයේ 58 වැනි මිනිත්තුවේදී චමිදු රවිශ්ක ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සමාජයේ යොවුන් පිලට සිව්වැනි ගෝලය රැස් කළ අතර, තරගය නිමා වීමට මිනිත්තුවක් තිබියදී බඩෝවිට ක්‍රීඩා සමාජය ගෝලයක් එක් කර ගත්තේය.

t

o

p