ප්‍රමිතියෙන් බාල සිමෙන්ති වෙළෙඳපොළට

February 21, 2022

පසුගිය කාලයේ රට පුරා ප්‍රමිතියෙන් තොර ගෘහස්ථ ගෑස් සිලින්ඩර් තිබූ ආකාරයෙන් මේ වන විට ප්‍රමිතිය බාල කරන ලද සිමෙන්ති වර්ග ද වෙළෙඳපොළ තුළ බහුලව ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා සිමෙන්ති ආශ්‍රිත කර්මාන්තවල නියැළෙන පිරිස් චෝදනා කරති.

මේ වන විට වෙළෙඳපොළේ පවතින ඇතැම් ප්‍රකට වෙළෙඳ නාමයන්ගෙන් යුතු සිමෙන්ති වර්ගද ඒවායෙහි පෙර තත්ත්වයත් සමඟ සසඳන කල ප්‍රමිතියෙන් බොහෝ අඩු බව ඒවා භාවිතයේදී පැහැදිළිව පෙනීයන්නේයැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සිමෙන්ති බ්ලොක්ගල් හා මල්පෝච්චි ඇතුළු විවිධ භාණ්ඩ නිෂ්පාදකයන්, මාර්ග හා ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවන් මෙන්ම පෙදරේරුවන් ඇතුළු වෘත්තිකයෝද පවසති.

t

o

p