අද (21) පැයක පමණ විදුලි කප්පාදුවක්

February 21, 2022

බස්නාහිර පළාතට අද (21) පැයක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දිනමිණට පැවසීය.

ඊට අමතරව දකුණු පළාතට ද අද දින පැය තුනක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ජල විදුලි උත්පාදනය සීමා කිරීමට සිදුවීමත් විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ගැටලුවක් මතුවීමත් යන කාරණා නිසා මෙසේ දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ඒ මහතා තවදුරටත් පැවසීය.

t

o

p