20 – 20 තරඟාවලිය ඕස්ට්‍රේලියාව ජය ගනී

February 16, 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය 3 ට බිංදුවක් ලෙස ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, තවත් තරඟ දෙකක් ඉතිරිව තිබියදීයි.

ඊයේ පැවති තුන්වන තරඟය ඕස්ට්‍රේලියාව කඩුලු 06 කින් ජය ගත්තා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා පිළේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 06 ක් බිදවැටී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 121 කට සීමා වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව 17 වන පන්දුවාරයේදී තරඟය ජයගත්තේ කඩුලු 04 ක් පමණක් දැවී තිබියදීයි.

t

o

p