පළාත් රැසකට අද තද වැසි

February 13, 2022

උතුරු උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලකුළ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

t

o

p