ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

February 12, 2022

ශ්‍රී ලංකාව සමග සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව සත්කාරක ඔස්ට්‍රේලියාව ලකුණු 20 කින් ඊයේ(11) ජය ගත්‌තේ ය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 19 දී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 143 කි.

නමුත් පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකිවුණේ ලකුණු 122 ක් පමණි.

t

o

p