සෞඛ්‍ය සහ විදුලි සැපයුම වෙන්වෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

February 12, 2022

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අණ පරිදි , ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

2022.02.11 දින අංක 2266/55 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පහත සඳහන් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ‍විදුලි බල සැපයුම, රෝහල්වල , සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය ,පෝෂණය කිරීම,සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය මේ යටතේ අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරන බවය.

t

o

p