වියළි කාලගුණයේ වෙනසක්

February 6, 2022

දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින වියළි කාලගුණයේ වෙනසක් අද රාත්‍රියේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සබරගමුව පළාතේත්, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

t

o

p