IS කල්ලි නායකයා අමෙරිකානු ප්‍රහාරයකින් මරුට

February 5, 2022

අයිඑස් ත්‍රස්තවාදී කල්ලියේ නායක අබු-ඊබ්‍රාහිම් අල්-කුරායිෂි අමෙරිකානු ප්‍රහාරයකින් මිය ගොස් ඇත. මේ බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයිඑස් ත්‍රස්ත කල්ලි නායකයා ඉලක්කකර ගනිමින් අමෙරිකා විශේෂ බලකා සෙබළුන් අගහරුවාදා රාත්‍රී මෙහෙයුමක් දියත් කළ බව ජනාධිපති ජෝ බයිඩ්න් පැවසීය.

‍එම මෙහෙයුම් ආරම්භ වීමෙන් පසු ත්‍රස්ත නායක අබු-ඊබ්‍රාහිම් සහ ඔහුගේ අනුගාමිකයින් බෝම්බ පුපුරවාගෙන මිය ගොස් ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර ඇත.

t

o

p