කොවිඩ් ආසාදිතයින් 1200 ඉක්මවයි

February 5, 2022

ඊයේ(4) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1,243 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 615,902 දක්වා ඉහළ යයි.

මේ සතියේදී පසුගිය සතියට වඩා කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම සියයට 30කින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.

t

o

p