මොරොක්කෝවේ නළ ලිං කුහරයක් තුළ සිරවී සිටි දරුවා මියයයි

February 6, 2022

මොරොක්කෝවේ නළ ළිං කුහරයකට ඇද වැටී එහි සිරවූ පස් හැවිරිදි දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් ශෝකාන්තයකින් අවසන් වුණා.

ඒ, දරුවා නළ ලිං කුහරය තුළම මියගොස් සිට ඇති බැවින්. ඉකුත් අගහරුවාදා පස්වරුවේ දරුවා ළිං කුහරය තුළට ඇද වැටුනු අතර ඊයේ පස්වරුව වනතෙක් දින 04 ක් පුරා ඔහු මුදා ගැනීමට මොරොක්කෝ සහන සේවකයින් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණා. කෙසේවෙතත් එම මෙහෙයුම සාර්ථක වී දරුවා මුදා ගැනීමට සහන සේවකයින් සමත් වුවත්, ඒ වනවිටත් දරුවා මියගොස් සිට ඇති බවයි මොරොක්කෝ රජය නිවේදනය කළේ.

මුදා ගත් සැනින් දරුවා රෝහල්ගත කර ඇතත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව මොරොක්කෝ රජ මාලිගය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

t

o

p