මාලිංගගේ වාර්තාවක් හෝල්ඩර් සම කරයි

February 2, 2022

ලසිත් මාලිංග ඇතුළු පන්දු යවන්නන් කිහිපදෙනෙක් තබා තිබූ වාර්තාවක් සමකිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් සමත් වී තිබේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති 5 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේදී ය.

එංගලන්ත ඉනිමේ අවසන් පන්දු ඕවරය යැවූ හෝල්ඩර්, එහිදී 2, 3, 4, සහ 5 වැනි පන්දුවලදී පිට පිට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව 20/20 ජාත්‍යන්තර තරගයකදී එවැනි දස්කමක් දැක්වූ සිව්වැනි පන්දු යවන්නා ඔහුය.

මීට පෙර, ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්, සහ අයර්ලන්තයේ කර්ටිස් කැම්ෆර් එම දස්කම මීට පෙර දක්වා තිබුණි.

t

o

p