සපුගස්කන්දට බොරතෙල් දෙන්න සයිප්‍රස් සමාගමකින් යෝජනාවක්

February 2, 2022

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් 2022 ජූලි මාසය දක්වා සපයා ගැනීම පිණිස මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඉන් පසු එළඹෙන කාලසීමාව සඳහා අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමට අදාළ කටයුතු සිදු කළ යුතුව තිබේ.

මෙම පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් සැපයීම පිණිස සයිප්‍රසයේ Terra Navis Group විසින් නොකැඳවූ යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

දින 180ක ණය පදනම යටතේ බොරතෙල් සැපයීම සඳහා ඉදිරිපත් කර ඇති එකී යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඇගයීමට ලක් කර මූලික වශයෙන් බැරල් 450,000ක නැව් තොගයක් සපයා ගැනීමට නිර්දේශ කර තිබේ.

එකී නිර්දේශය පරිදි අදාළ බොරතෙල් තොගය සපයා ගැනීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

t

o

p