රංගජීව නිදහස්, එමිල් පෝරකයට

January 12, 2022

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ රැදවියන් 27දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළේය.   

එම නඩුවේ චෝදනා ලැබ සිටි පළමු විත්තිකරු වූ එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ නියෝමාල් රංගජීව මහතා අධිකරණය විසින් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.  

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

t

o

p