මාස 6කට අවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් කැඳවයි

January 12, 2022

ඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

මාස තුන බැගින් වූ කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කර එම වාර්තාව සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එම වර්ෂය සඳහා මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් එම උපදෙස් ලබාදී තිබේ.

t

o

p