ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නම්කෙරේ

January 3, 2022

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම, “D” කාණ්ඩය යටතේ තරග වදිනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය සමග තරග කිරීමට නියමිතය.

ජනවාරි 14 වනදා ජෝර්ජ්ටවුන් හි එවරස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව පළමුවෙන් ස්කොට්ලන්තයට එරෙහිව  තරග කිරීමට නියමිතය.

t

o

p