ගොවියා කට ඇරන් බලා සිටියා ට වන්දි දෙන්න බෑ

January 3, 2022

කෘෂි හානි සම්බන්ධයෙන් වන්දි ලබාදෙන්නේ රජය ලබාදුන් පොහොර වර්ග හතර භාවිත කළ පිරිස් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (02) පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

“අපි කාබනික ඝන පොහොර දුන්නා. ජෛව දියර පොහොර දුන්නා. පොටෑසියම් ක්ලොරයිඩ් – නැනෝ නයිට්‍රජන් දුන්නා. මේ පොහොර වර්ග 4ම භාවිත කර තිබිය යුතුයි. ඒ පොහොර භාවිතයෙන් නිෂ්පාදනය අඩුවුනොත් තමයි වන්දි ගෙවන්නේ. ගොවියා කට ඇරන් බලන් හිටියට වන්දි දෙන්න බැහැ.”

“කාබනික වගාවේ හොඳ පැත්ත ගැන කිසිම කෙනෙක් කතා කළේ නැහැ. රජයවත් මේ වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ජනතාවගේ වකුගඩුව නැතිවෙන එක ගැන, රටේ මිනිස්සුන්ට වහදෙන එක ගැන ඇයි අපි කතා කරන්නේ නැත්තේ? හැමෝම පෙනී හිටියේ රසායනික පොහොර සමාගම් වෙනුවෙන්.”

t

o

p