ජනවාරි මැද වනවිට දිවයින පුරා විදුලි කප්පාදු

December 25, 2021

ඛනිජ තෙල් හිඟය හේතුවෙන් එළඹෙන ජනවාරි 15 වෙනිදායින් පසු බොහෝදුරට දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු කිරීමට සිදුවනු ඇති බවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ය.

තම නිළ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් තොගය දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රමාණවත් වන්නේ ජනවාරි මැද දක්වා පමණක් වන බවයි.

ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ කළ ද, විදුලිබලය නිෂ්පාදනය සඳහා පැවැති තොගය මෙට්‍රික් ටොන් 16000 ක් පමණක් වූ අතර, දිනකට විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 කට සීමා කර තිබුණු බවටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

තෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි මාසය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිශ්චිතවම වසා දැමීමට සිදුවනු ඇති බවත් සඳහන් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ හේතුවෙන්ම එළඹෙන ජනවාරි 15 වෙනිදායින් පසු බොහෝදුරට දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු කිරීමට සිදුවනු ඇති බවයි.

t

o

p