ඔබ සැමට සුබ නත්තලක්

December 25, 2021

සකල මිනිස් වර්ගයා පවින් මුදවාගනු සඳහා මිනිස් වෙසින් මෙලොව එළියදුටු ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය සැමරීමේ සුවිශේෂී දිනය ලෙස නත්තල් දිනය හැදින්වෙයි.

ප්‍රේමය , සාමය හා සහෝදරත්වය තේමාකොටගත් උතුම් නත්තල වනාහි ක‍්‍රිස්තු භක්තිකයන්ගේ ආගමික උත්සවයක් පමණක්ම නොවන අතර ජාති, ආගම්, පක්‍ෂ, වර්ණ, බාල, තරුණ වැඩිහිටි වෙනසකින් තොරව සමරන සංස්කෘතික උළෙලක් ද වෙයි.

ජේසු සමිඳාණන් ලොවට ගෙන හැර පෑ ආදරයත් දයාවෙත් මහා මනුෂ්‍යත්වය, සකලවාසි ජනයාට ආදර්ශය කොට ගනිමින් නත්තල් උදාව සැමරීම අවශ්‍යයෙන්ම වැදගත්ය .

බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ගවඔරුවක උපන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මුළු දිවියම කැපකළේ සමාජයේ පීඩාවට පත්වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් මෙලොව නිර්මාණය කිරීම උදෙසා බව පෙන්වා දී ඇත.

අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුණු ජනතාවට පමණක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැමදෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් වේවා.

t

o

p