ප්‍රදේශ කිහිපයක දරුණු නාය යෑම්

November 10, 2021

කුරුණෑගල – රිදීගම ප්‍රදේශයේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර, කෑගල්ල – ගලිගමුවේ නායයෑමකට හසු වූ නිවසක සිටි මව, පියා සහ පුතු අතරින් මව මුදාගෙන ඇති අතර, සෙසු දෙදෙනා තවමත් අතුරුදන් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

පස්කන්දට යටවූවන් සොයා යුද හමුදාව සහ සහන කණ්ඩායම් මේ වන විට කටයුතු කරන බවද වාර්තා වෙයි.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ මිය ගියා.

t

o

p