භුමිතෙල් ගන්න දිගු පෝලිමක්

November 3, 2021

බදුල්ල සමුපකාර ඉන්ධන පිරවුම්හලෙන් දෛනිකව නිකුත් කෙරෙන භූමිතෙල් ප්‍රමාණය සීමා කිරීම හේතුවෙන් ඊයේ (2) දහවල් එහි දිගු පෝලිමක් දැකගත හැකිවිය.’

මේ වන විට බදුල්ල සමුපකාර ඉන්ධන පිරවුම්හල වෙතට සතියකට ලැබෙන්නේ භූමිතෙල් ලීටර් 6600ක් බවත්” එය කිසිසේත්ම ජනතාවට ප්‍රමාණවත් නොවන බවත් ඉන්ධන පිරවුම්හලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් මේ වන විට භූමිතෙල් භාවිතයට නැඹුරුවී ඇති කාලයක මෙවන් ආකාරයේ භූමිතෙල් සීමා කිරීම සම්බන්ධයෙන් ජනතාව සිය අප්‍රසාදය පලකරති.

t

o

p