මෙරටට නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගෙන එයි

October 20, 2021

මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට, ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය අද අලුයම ගුවන් මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා.

ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 1156 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන්.

මෙවර මහ කන්නය වෙනුවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සඳහා ඇණවුම් කර ඇති අතර , ඉන් පළමු තොගය ලෙස ලීටර් ලක්ෂයක ප්‍රමාණයක් එලෙස දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

එම දියර පොහොර තොගයේ බර මෙට්ට්‍රික් ටොන් 45 ක්.

මෙම සතිය තුළ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් මෙරටට ආනයනය කිරීමටයි සැළසුම් කර ඇති බව සඳහන්.

t

o

p