ශ්‍රී ලංකාව අද අයර්ලන්තය සමඟ සටනේ

October 20, 2021

විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 වටයට සුදුසුකම් ලබන රටවල් 4ක් තෝරා ගන්නා පළමු වටයේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය අද (20) අයර්ලන්තය සමඟ පැවැත්වේ.

අයර්ලන්තය සමඟ මීට පෙර 2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එක් තරගයකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිල එම තරගය ජයග්‍රහණය කළේය.

විශේෂයෙන් පෙරේදා නෙදර්ලන්තය පරාජය කරමින් සිය ජයග්‍රාහී ගමන් මඟ ආරම්භ කළ අයර්ලන්තය අද තරගයත් ජයග්‍රහණයෙන් නිමා කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත.

ඉදිරි තරගවල ප්‍රතිඵල සඳහාත් පින්න ලොකු සාධකයක් විය හැකි බව ඔහුගේ විශ්වාසය වී තිබේ.

t

o

p