වප් පුර පසළොස්වක පෝය දිනය අදයි

October 20, 2021

වප් පුර පසළොස්වක පෝය දිනය අදට(20) යෙදී තිබේ.

පුරා තුන්මසක් තවුතිසා දෙව්ලොව වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ , අද වැනි පොහෝ දිනකදී ය.

සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම, අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිඳු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැ‍ගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ ද වප් පෝ දායි.

මේ අතර අදින් ආරම්භ වන කඨින පිංකම් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව කඨින චීවරය රැගත් පෙරහැර, කඨින චීවර පුජාව දහවල් දානමය පිංකම සහ කඨිනානිසංස ධර්ම දේශනය සඳහා සහභාගී විය හැකි උපරිම පුද්ගලයින් ගණන 50 කි.

මීට අමතරව පනවා ඇති සෙසු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම පිංකම් සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

t

o

p