යල මහ දෙකන්නයට වගාකිරීමට නිසි ජල පහසුකම් සහිත වගාබිම් නොමැති දිගාමඩුල්ල මිටියාවතේ සිය දහස් ගණන් ගොවීන්ගේ ප‍්‍රධානම ආදායම් මාර්ගය වී ඇත්තේ බඩඉරිඟු වගාවයි.
වසරේ එක් කාලයක් පමණක් අහස් දියෙන් බඩඉරිඟු වගාකර ලැබෙන ආදායමෙන් වසරක් තිස්සේ සිය දරු පවුල නඩත්තු කරගෙන ජීවත් වීමට ඔවුන්ට සිදුවෙති.
වසර ගණනාවක් තිස්සේ කාබනික වගාවට නොව රසායනික වගාවත් සමඟ එකට අත්වැල් බැඳගෙන ගමන්ගත් මේ බඩඉරිඟු ගොවියා අද දිනයේ දී රසායනික පොහොර භාවිතය නවතා දැමීමත් සමගම ඉරි`ගු වගාව සිදු කරන්නේ කෙසේද යන පැනය සමඟ ජිවත් වෙති.
වෙනදා හෙක්ටයාර 12,500කට ආසන්න ඉරිඟු ප‍්‍රමාණයක් වගාකරන අම්පාරේ මෙවර හෙක්ටයාර දහසක් වත් වගා කිරීමට හැකි වේදැයි විශ්වාසයක් තැබීමට නොහැකිව ඇත.
එසේ වගාකර අස්වැන්න ලබාගත හාකිදැයි සැක සංකාව මත ගොවීහු ඊශාන මෝසම සක‍්‍රිය වීමට වැසි ආරම්භ වන මේ සමයේ අහස දෙස බලමින් හූල්ලමින් සිටිති.
ඒ සියලූ දෙනාගේම මුවින් නැගෙන්නේ පින් අයිතිවෙයි අඩුම තරමේ මේ පාරටවත් රසායනික පොහොර ලබාදෙන්න නැත්තං අපේ දරුවන් බඩගින්නෙ. යන දුක් අඳෝනාවයි..