සජබයේ ඔප්පුව මගේ ළඟයි

October 10, 2021

සමඟි ජන බලවේගයේ මහ ලේකම්වරයා විසින් තමන් පක්ෂයෙන් නෙරපා හරින බවට ප්‍රකාශ කළද පක්ෂයේ ඔප්පුව ඇත්තේ තමන් සතුව බව මහ ලේකම්වරයාට‍ තමන් සිහිපත් කරන බව සමඟි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පවා දැනුම්වත් නොකර මේ තීරණය ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් දැන ගත්තේ මාධ්‍ය තමන්ගෙන් කළ විමසීමේදී බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් විමසීමක් කළ බවත් සමඟි ජන බලවේගය නියෝජනය කරන වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටින්නේ තමන්ගේ හා සැමියාගේ පක්ෂයට‍ පින් සිදු වන්නට බවද ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.

එමෙන්ම මහ වැස්සක අතරමං වූ පිරිසකට තම නිවෙසේ නවාතැන් දුන්නාට පසුව තමන් එළියට ඇද දමා දොරගුළු දමන ආකාරයේ ක්‍රියාවක් පක්ෂ මහ ලේකම්වරයා විසින් කර ඇති බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය.

t

o

p