‘ඩෙල්ටා’ විකෘති ප්‍රභේද 3ක්

August 18, 2021

කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතීන් තුනක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් බවට පර්යේෂකයන් තහවුරු කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

එම විකෘති වයිරස් SA 222 V, SA 701S සහ SA 1078 S ලෙස නම් කර ඇති බවත් ජාන කේතයන් වෙනස් වීම මඟින් මෙම විකෘතීන් ඇති වන අතර ආසාදිතයන් වාර්තා වීම ඉහළ යෑමට එම විකෘතීන් හේතුවක් වී ඇති බවට විශ්වාස කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

කොවිඩ්-19 විශේෂ විධිවිධාන පනත විවාදය අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

t

o

p