කොරෝනා පනත සම්මතයි

August 18, 2021

කොරෝනා තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පස්වරුවේ සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (17) දවස පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.

විවාදය සඳහා යෝජනාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ අතර කොවිඩ් වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු යථා පරිදි පවත්වාගෙන යෑම, එවැනි අවස්ථාවලදී අධිකරණ කටයුතු ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීම, සහ ජනතාවගේ ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු කරුණු ගණනාවක් වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත මඟින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැළසෙන බව පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ඇමතිවරයා පැවසීය.

t

o

p