කොවිඩ් බලකාය තිබෙනතුරු වෙන්නේ මිනිස්සු මැරෙන එක පමණයි. – රනිල් වික්‍රමසිංහ

August 5, 2021

පවතින කොවිඩ් කාර්ය සාධක බලකාය තිබෙනතුරු අපට සිද්ධ වෙන්නේ මිනිස්සු මැරෙන එක බලාගෙන ඉන්න පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

ඩෙල්ටා වර්ගය දැං සීග්‍රයෙන් පැතිරෙමින් යනවා ලෝකෙ පුරා. අපිට මේක පාලනය කරන්න උවමනායි. විශේෂයෙන් එංගලන්තේ සහ ඊශ්‍රායලය කරපු පරීක්ෂණ බැලුවම ඇස්ට්‍රසෙනෙකා එන්නතතෙන් ආරක්ෂා වෙන්න පුළුවං 60%යි. ෆයිසර් එක ඊටත් අඩුයි. දැං එන්නත වැඩිපුර දෙන්න පටං ගත්තා විතරයි. මේක ආරම්භය විතරයි. අපි දන්නෑ මේක පැතිරෙන්නේ කොහොමද කියලා. අනෙක අගමැතිතුමා දකුණු අප්‍රිකාවෙන් එන එක කොහොමත් අපි නවත්ත ගන්න ඕන. දැං වෙලා තියෙන්නේ හැමතැනම තියෙන සංඛ්‍යාව වැඩිවෙනවා. අපිට මේක පාලනය කරන්න බැරි වෙලා.

මම කියන්නේ ඇත්ත වශයෙන්ම මේක අපිට කරන්න පුලුවන්. මේ ඔක්සිජන් ලබා ගන්න ප්‍රසම්පාදන කටයුතු වලට යන්න එපා. අපි හදිසියේ මේ වගේ වැඩ ඔනතරං කරලා තියෙනවා.ගන්න තියෙන තැනකිං ගන්න. පස්සේ පාර්ලිමේන්තුවට ගේන්න. අපි ඒවා අනුමත කරන්නම්. මේවා අරගෙන එන්න. අනෙක මේ මිනිසුසු නිදාගෙන ඉන්න හැටි. මම රජයට කියනවා යුද්ද හමුදාවෙම තියෙනවා ක්ෂේත්‍ර රෝහල්. නැත්තං අපිට පුළුවං ටකරං දාලා උඩිං පොල් අතු දාලා හරි හදන්න. යුද්ධ හමුදාවටයි ඉංජිනේරු අංශ වලටයි කිව්වම මේක හදලා දෙයි.

මම කියන්නේ අපිට පුළුවං උදව් කරන්න. ඒත් මම එකක් කියනවා කණගාටුවෙන්. ඒ තමයි සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියපු එකට මටත් එකග වෙන්න සිද්ධ වෙනවා. මේ තියෙන කාර්ය සාධක බලකාය තියෙනකං අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. මිනිස්සු මැරෙනවා. මේක සිදුවෙන්නේ නෑ. ඒ් නිසා කැබිනට් මණ්ඩලය මේක අරගෙන ක්‍රියාත්මක කරන්න. මෙතන ඉන්න අගමැතිතුමා ඇතුලු කට්ටිය මට මතකයි සුනාමිය වෙලාවේ දවස් තුන හතරකින් රටට සහන දුන්න අය. ඒ නිසා මම කියන්නේ මේක කැබිනට් මණ්ඩලයෙන් භාර ගන්න මේ සභාවට ගේන්න. අපි ඔබ තුමියට උදව් කරන්නම්. අඩු ගානේ කැබිනට් මණ්ඩලය මෙතෙන්ට වග කියනවානේ. අපිට ඔන මේක ජාතික ප්‍රශ්නයක් නිසා විසදගන්න. දේශපාලනය කරන්න නෙවෙයි.

t

o

p