රාජ්‍ය සේවයට සේවකයන් ගෙන්වීම සිමා කරන බව සෞඛ්‍ය රාජ්‍ය ඇමති කියයි

August 5, 2021

රාජ්‍ය සේවයේ නියුතු ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සලසා දීමටත්, රාජ්‍ය සේවකයන් සේවයට කැදවීම සතියකට මුර දෙකක් ලෙස කිරීමටත් තීන්දු කළ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද කීය.

අද උදෑසන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ගරු සභාවේදී කිව්වා කොවිඩ් මර්ධනයට පත් කර ඇති ජනාධිපති කාර්‍ය සාධන බලකායෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ. ඒක විසුරුවා හරින්න කියලා. ඒක වැරදි ප්‍රකාශයක්.

එම බලකායෙන් විශාල සේවයක් වෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව වගේම රාජ්‍ය නිලධාරිනුත් ඉන්නවා. වෘත්තීය සමිති නායකයන් පවා එහි ඉන්නවා. එමෙන්ම මුල සිටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පෞද්ගලිකව සම්බන්ධ වුණා.

සමස්තයල් ලෙස සලකා බැලීමේදී අද රටේ කොවිඩ් තත්ත්වය ඒ තරම් හොඳ නැහැ.ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය රෝගීන්ගේ අවශ්‍යතාව මත යොදා ගන්නවා.ඉන්දියාවෙන් හා සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන්වා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා.

ඒ වගේම මේ ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය සමඟ රටතුළ විවිධ අදහස් පළ වූනා.

සමහර අය කියනවා රජය ඊට සංවේදී නැහැ කියලා. ඒක අසත්‍යයක්. රජය සියලු දේට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධව අද උදෑසන මුදල් අමාත්‍යාංශයේ විශේෂ සාකච්ජාවක් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒකේදී තීරණ කිහිපයකට එළබූණා. රාජ්‍ය සේවයේ නියුතු ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සලසා දෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට කැඳවීම සතියකට මුර 02ක් වශයෙන් භාවිත කරමින් සිදු කිරීමටද තීරණය කළා. ඊට අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

රාජ්‍ය සේවයේ නියුතු වයස අවුරුදු 18 ත් 30 ත් අතර,අයට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්න්ත ලබාදීමටද කටයුතු කරනවා.

ඒමෙන්ම රාජ්‍ය ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමට  සෑම රාජ්‍ය ආයතනයකටම එක බලධාරියෙක් පත්කිරීමටද තීරණය කළා .

ගුරු උද්ඝෝෂණ පිළිබඳවත් විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ගුරුවරුන්ගෙන් මේ අවස්ථාවේ මේ අරගලය නවත්වන්න කියලා. එමෙන්ම හෙට සයිනොෆාම් එන්නත් තවත් මිලියන 02 ක් හෙට දිවයිනට ගෙන්වනවා. 

t

o

p