ආදාහනාගාර පිරී යාමෙන් ඉන්දියානුවන් අනාත වෙයි

April 28, 2021

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාවේ දැඩි අර්බුදයක් මතුව තිබෙනවා. ඒ, ආදාහනාගාර පිරී යාම හේතුවෙන්. මෙම තත්ත්වය වැඩි වශයෙන් බල පා ඇත්තේ ඉන්දීය දිල්ලි අගනුවරටයි.

කාර්ය මණ්ඩලය ද පැය 24 පුරා සිය රාජකාරී සිදු කරමින් සිටිනවා. ඉන්දියාවේ දෛනික මරණ ඉහළ යමින් ඇති පසුබිමක මියයන පුද්ගලයින්ගේ මල සිරුරු ආදාහනය කිරීමට පවුලේ ඥාතීන්ට අවසර ලබා ගැනීම පවා මේ වන විට දුෂ්කර වී තිබෙනවා.

t

o

p