කොට්ටාව හුවමාරුව ගැන විශේෂ දැනුම්දීමක්

April 28, 2021

දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි.

කොට්ටාව පිටවීමේ ස්ථානයේ සේවය කළ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් එම තීරණය ගෙන තිබේ.

දක්ෂිණ අධිවේග මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා අතුරුගිරිය සහ කහතුඩුව භාවිත කළ හැකිය.

එසේම කොට්ටාවෙන් අධිවේගයට ඇතුළු වන වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකෙරේ.

t

o

p