තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා වෙයි

April 28, 2021

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි .

එලෙස හුදෙකලා කර ඇත්තේ වැල්ලවාය නගර සභා සීමාව, වැල්ලවාය වෙහෙරයාය සහ කොට්ටන්ගහපොකුණ, බුත්තල, රත්දලගම, අම්පාර, උහන, කුමාරිගම, මාතලේ, නාවුල, අළුගොල්ල යන ග්‍රාම නිලධාරී වසම් වේ.  

මේ අනුව අද(28) උදෑසන 6.00 සිට එම ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අතර කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව එම ප්‍රදේශවලින් පිටවීම සම්පූර්ණයෙන් තහනම් බව පොලීසිය පවසයි.

t

o

p