දිවයින පුරා පොලිස් විශේෂ මෙහෙයුමක්

April 18, 2021

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද(18) දහවල් 12.00 සිට හෙට (19) පෙරවරු 06.00 දක්වා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.  

අධිවේගී මාර්ග ඇතුළු සියලු මාර්ග ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මකය.   මේ අතර අධිවේගී මාර්ග ආශ්‍රිතව නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව අද දිනයේත් විශේෂ අවධානයක් යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

t

o

p