කොරෝනා මරණ මිලියන 3 ඉක්මවයි

April 18, 2021

කොරෝනා වසංගතයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , 2019 දී චීනයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ව්‍යසනය මේ වනවිට මිලියන 140 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් (Dr Tedros Adhanom Ghebreyesus ) අනතුරු අඟවන්නේ , කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන බවය.

පසුගිය මාස 2 තුළ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

t

o

p