කැළණිවැලි දුම්රිය මාර්ගය දෙපස ආරක්ෂිතය තුළ පවුල් 2360 ක් පදිංචි වෙලා.

April 8, 2021

කැළණිවැලි දුම්රිය මාර්ගය දෙපස ඇති මාර්ග ආරක්ෂිතය තුළ පදිංචිව සිටින්නන් පිළිබඳව සංගණනයක් සිදුකර ඇති බවත් එහි ඇති පවුල් ඒකක සංඛ්‍යාව 2360 ක් බවත් ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාර්ග ආරක්ෂිතයෙන් එම පවුල් ඒකක ඉවත් කර වෙනත් ස්ථානයක පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවත් ඔවුන් පදිංචි කිරීමට මාලිගාවත්ත ලක්සිරි සෙවන නිවාස යෝජනා ක්‍රමය යටතේ පවුල් 424 ක් , දෙමටගොඩ සියපත් සෙවණ නිවාස යෝජනා ක්‍රමය යටතේ පවුල් තිහක්, කොළඹගේ මාවත නිවාස යෝජනා ක්‍රමය යටතේ පවුල් හාරසිය හයක්, කාලිංඝ මාවත නිවාස යෝජනා ක්‍රමය යටතේ පවුල් 384 ක් හා මාලපල්ල දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩමක මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු සිදු කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.

ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ මහතා මේ පිළිබඳව පැවසුවේ ගරු බුද්ධික පතිරණ මහතා කැළණිවැලි දුම්රිය මාර්ගය දෙපස ඇති මාර්ග ආරක්ෂිතය තුළ පදිංචිකරුවන් පිළිබඳ වාචික පිළිතුරක් අපේක්ෂාවෙන් තැගූ පුශ්නයකට පිළිතුරු මෙදිනි.

t

o

p