පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතිබව මැතිවරණ කොමිසමට දැනුම් ‍දෙයි.

April 8, 2021

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි වී ඇති බවත් ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දන්වා යවා තිබේ.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(01) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර තිබේ.

අද (07) උදෑසන ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.

t

o

p