සහල් කිලෝ 3ක් සහ සීනි කිලෝ එකක් පවුලකට සති දෙකකට ඇති – ඇමති බන්දුල

April 7, 2021

සහල් කිලෝග්‍රෑම් තුනක් සහ සීනි කිලෝග්‍රෑම් එකක් එක පවුලක් සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

එක් පවුලකට රුපියල් දහසේ සහන මල්ලක් පමණක් දෙන්නේ එම නිසා බවත් වෙළෙඳ ඇමැතිවරයා පවසා සිටියේ.

සහල් කිලෝගෑම් තුනක්, පරිප්පු කිලෝග්‍රෑම් එකක්, සීනි කිලෝග්‍රෑම් එකක්, පිටි සහ ලුණු කිලෝග්‍රෑම් එකක් ඇතුළු කිලෝග්‍රෑම් හතක බඩු ප්‍රමාණයක් සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් රුපියල් දහසක් වැනි සුළු මුදලකට ලබාදීම, වෙළෙඳසලකට ගොස් බඩු බාහිරාදිය මිලදී ගෙන නැති පුද්ගලයකුට විශාල පුදුමයක් විය හැකි බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළා.

සතොස ආයතනයෙන් මෙම සහන මල්ල ලබාදෙන මුදලටත් වඩා අඩු මුදලකට වෙනත් පෞද්ගලික වෙළඳසල්වලින් මෙම බඩු මල්ල පාරිභෝගික ජනතාවට ලබාදෙනවානම් ඒ පිළිබඳව සතුටු වන බවත් ඇමැතිවරයා කියයි.

t

o

p