කිරුළ යළිත් පුෂ්පිකාට

April 7, 2021

විවාහක රූ රැජන තරගයේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් ඉවත් කෙරුණු ජයග්‍රාහී කිරුළ ඇයටම පිරිනැමීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ.

2021 ලෝක විවාහක රූ රැජන තරගාවලියට සහභාගි වන මෙරට රූමතිය තේරීම සඳහා වන තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති අතර එහි ජයග්‍රාහී කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූවාය.

අවසන් තරගයේ දී ඇතිවූ මේ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජන තරගාවලියේ සංවිධායකයන් අද නිවේදනයක් නිකුත් කරන ලද අතර 2020 ලෝක විවාහක රූ රැජන ලෙස කිරුළ පැළඳවූ කැරලොයින් ජූරි මහත්මියගේ හැසිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකරන බවයි.

එම හැසිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර අවශ්‍ය පියවර ගන්නා බවද ඔවුන් සඳහන්කර තිබේ.

t

o

p