මගී බස් රථයක් පැදවූ සිසුවෙක් අත්අඩංගුවට

April 7, 2021

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් පෞද්ගලික බස් රථයක් වලංගු රිය බලපත්‍රයක් නොමැතිව පදවාගෙන යමින් සිටියදී මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පියාට අයිති මගී බස් රථය මෙම සිසුවා විසින් වීරකැටිය සිය නිවසේ සිට මිද්දෙණිය නගරය දක්වා ධාවනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

පියා දැනුවත්ව මෙම සිසුවා සේවයට යෙදෙව්වාද යන්න පරීක්ෂණ පවත්වන බවත් ,බසයේ අයිතිකරුවන පියාට සහ සිසුවාට නීතිමය පියවර ගෙන තිබෙන බවත් වාර්තා වනවා.

t

o

p