පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මහජන ආරක්ෂක ඇමති හෙළි කරයි

April 6, 2021

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහමොළකරුවන් ලෙස නවුෆර් මව්ලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් දෙදෙනා හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

නවුෆර් මව්ලවි නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව පැවසු අමාත්‍යවරයා, ඔහු 2014 දී අයි.එස්.අයි.එස් මතවාදය මෙරටට ගෙන ආ බවත් කියාසිටියේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම් අන්තවාදී ක්‍රියා සඳහා යොමුව ඇත්තේ 2016 දී බවත් ඔහුට අනුබල දී ඇත්තේ ද නවුෆර් මව්ලවි විසින් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැඟවීමට කිසිදු දෙයක් නොමැති බව පැවසු අමාත්‍යවරයා, දැනටමත් පුද්ගලයින් 32 කුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද කියා සිටියේය.

මේ වන විට පුද්ගලයින් 211ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත්, 75 දෙනෙක් දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

t

o

p