වතුකම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1000 ක් ලෙස ගෙවීමේ තීරණය අප්‍රෙල් මස සිට ක්‍රියාත්මක විය යුතුයි – වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ

April 6, 2021

වතුකම්කරුවන්ගේ  අවම වැටුප රුපියල් 1000 ක් ලෙස  ගෙවීමේ තීරණය අප්‍රෙල් මස සිට ක්‍රියාත්මක විය යුතු බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

වතුකම්කරුවන්ගේ  අවම වැටුප රුපියල් 1000 ක් ලෙස ඉහළ නැංවීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක්  අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණද, ඊයේ දිනය තුළ අධිකරණය මඟින් ලබා දුන් තීන්දුවට අනුව එම මුදල ගෙවීම ගැටලුවක් නොමැති බවද  පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය.

වතුකම්කරුවන්ගේ  අවම වැටුප සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුව විශාල ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

t

o

p