යහපාලන සමයේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අවභාවිත කිරීම ගැන දින 02 ක විවාදයක් දෙන ලෙසට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක්

April 6, 2021

යහපාලන රජය සමයේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් දින 02 ක පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙසට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේය. ඒ සම්බන්ධව ආණ්ඩු පක්ෂය සිය එකඟත්වය පළ කළේය.

 දිවංගත වෙළඳ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා සද්භාවයෙන් ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල අවභාවිත කිරීම ප්‍රබල ගැටලුවක් බව ද හෙතෙම කීවේය.

මේ අතර නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මඟින් ආයෝජනය කර පිහිටුවන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ දෙවැනි වාර්තාව ද  අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල අවභාවිත වීම ගැටලුවක් බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා නැවත එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගත යුතු බවද කීවේය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සම්බන්ධයෙන් ඉදිරියේදී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ තොරතුරු අන්තර්ගත බව මන්ත්‍රීවරයා පැවසීය.

t

o

p