බීමත් රියදුරන් සොයා අවුරුදු සමයේ මෙහෙයුම්

April 6, 2021

බීමතින් රිය පදවන පුද්ගලයින් සොයා සඳහා අප්‍රේල් 10 වනදා සිට විශේෂ පොලිස් මෙහෙයුමක් අරඹන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.‍

පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරින් වෙත මේ වන විටත් ස්වසන වායු උපකරණ ලබාදී තිබෙන බවත් මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කොට රිය පදවන පුද්ගලයින් පිළිබඳව පොලිස් නිලධාරින් අවධානයෙන් කටයුතු කරන බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

එසේම බීමත් පුද්ගලයින් පදවන වාහනයන් හි ගමන් නොකරන ලෙසත් එලෙස යන පුද්ගලයින් පිළිබදව පොලිසිය දැනුම්වත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි. උත්සව සමය නිසා බිමතින් රිය පදවා වන අනතුරු වැඩි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ දිනකට පුද්ගලයි 8 දෙනෙක් පමණ රිය අනතුරුවලින් මියයන බවය.

t

o

p