2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට රුපියල් මිලියන 41,576 ක දැව ආනයනය කරලා

April 5, 2021

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට දැව ආනයනය කිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 41,576 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද(05) පැවසීය .

ඒ අනුව රටවල් 59 කින් මෙරටට දැව ආනයනය කර තිබෙන බව  වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය.

ලී කුඩු භාවිත කරමින් දැව නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවද අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

t

o

p