වාහන ආනයනයට2015-2019 කාල සීමාව තුළ වැය කර ඇති මුදල රුපියල් බිලියන 1239 ක් – මුදල් රාජ්‍ය ඇමති

April 5, 2021

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට ආනයනය කළ වාහන සංඛ්‍යාව 25,15546 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.

ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1239 ක් බව ද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය. රටවල් 103 කින් වාහන ආනයනය කර තිබේ.

මෙරට තුල වාහන එකලැස් කීරීමේ ක්‍රමවේදයක් හා අගය එකතු කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සිදු කරන බව අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කීවේය.

පරිසර හිතකාමි වාහන ආනයනය කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කෙරේ. රට තුළ වාහනම වාහන නිශ්පාදනය කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p