එ.ජා.ප ය පෙරළියකට සූදානම්

April 4, 2021

එක්සත් ජාතික පක්ෂයේ සියලුම ශාඛා සමිති අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යළි සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව එම පක්ෂයේ නීතිඥ සංගම් ‘වෘත්තීයවේදීන්ගේ සංවිධාන, වෘත්තීය සමිති, පරිසර සංවිධාන, විද්වතුන්ගේ සමිති ඇතුළු සියලුම සංවිධාන යළි බලගැන්වීම සිදු කෙරෙනු ඇත.

ඉදිරි මාස හයක කාලයේදී පක්ෂයට සම්බන්ධ තරුණ හා කාන්තා සංවිධාන ද සම්පූර්ණයෙන්ම නවීකරණය කර වත්මන් යුගයට ගැළපෙන ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමට ද නියමිතය.

t

o

p