සමෘද්ධි මුදල් අවභාවිත කළ අයට විමර්ශන වාර්තාව ලැබීමෙන් පසු නීතිමය පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

April 5, 2021

පසුගිය රජය සමයේ සමෘද්ධි අරමුදල්  අවභාවිතකර ඇත්නම් ඊට එරෙහිව පියවර ගන්නා බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මේවන විට විමර්ශනයක් සිදුකරන බවත් එහි වාර්තාව ලැබීමෙන්පසු මෙම පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේබව පැවසීය.

“පසුගිය ජනාධිපතිවරණ සමයේදී එම රජයේ ප්‍රතිරූපය නංවා ගැනීමට මෙම සමෘද්ධි අරමුදල් භාවිතා කරනවා අපි දැක්කා. ඒඅනුව ලැබුණ පැමිණිලි අනුව තමයි අපි මේ කමිටුව පිහිටුවා විමර්ශනය කරන්නේ.ඒඅනුව වංචාවක් සිදුවෙලා තියෙනවා නම් අපි ඒගැන පාර්ලිමේන්තුවත් දැනුවත් දැනුවත්කරලා අදාල පුද්ගලයන්ට දඩුවම්දීමට කටයුතු කරනවා.විශේෂයෙන් 2015ට පෙර හිටපු සමෘද්ධි ආර්ථික කටයුතු අමාත්‍යවරයාට චෝදනා කරා මෙම අරමුදල් සමෘද්ධිලාභීන්ගේම සුභසිද්ධිය සදහා යොදාගත්තම’’

තවද සමෘද්ධි නිලධාරීන්ගේ වසර විසිපහක් තුළ නොවිසදුනු ගැටලු පිළිබදවද ජගත් කුමාර මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගේ අවධානය යොමුකළ අතර එම ගැටලු කඩිනමින් විසදීමට රජය පියවර ගන්නා බව පැවසීය.

t

o

p